October 21, 2017

බුදුන් දවස තිබූ ශාඛ්‍ය ජනපදනය මෙරට ඉදිවෙයි.

By admin - Thu Apr 20, 10:39 am


මැයි මස 12 , 13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු හා රටවල් 80ක බෞද්ධ නියෝජිත කණ්ඩායම් සහභාගි වන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මෙහි සමාරම්භක උත්සවය මැයි මස 12 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර සමාප්ති උළෙල මැයි මස 14 වන දින මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාය.
එහි සමාප්ති උළෙල නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවී බණ්ඩාරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද ඇමති විජේදාස රාජපක්ෂ මහතා කීය.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන බෞද්ධ සමළුවේ තේමාව ..සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගාන්වීම්.. යන්නය.

Leave a Reply