November 17, 2017

ඉරිදා හා පොහෝ දිනවල උපකාරක පංති තහනමට තුති

By admin - Fri Sep 13, 8:30 am

ඉරිදා හා පොහෝ දිනයන්හී වරුවක් පාසල් ළමයින් සදහා පෞද්ගලික පන්ති පැවැත්විම තහනමි කරමින් සබරගමු පළාත් සභාව විසින් සම්මත කරණු ලැබූ ප්‍රඥප්ති සාර්ථක කරගැනීමට උරදුන් අයට ස්තුති කිරිමේ යෝඡනාවක් රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මංඩලයේ පසුගියදා පැවැති රැස්විමේදී ඒකමතිකව සම්මත විය.

මෙම ප්‍රඥප්තිය යථාර්තයක් කර ගැනිමට මූලීක වූරත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාට , රත්නපුර ප්‍රාදේශිය ලේකම් එස්. කොමිටෙවත්ත මහත්මියහා ප්‍රාදේශිය මාධ්‍යදීන්ට මෙලෙස ස්තුතිය හිමිවිණි.

ශ්‍රි පාදස්ථානාධීපති හා පොත්ගුල් රඡමහ විහාරාධීපති සබරගමු පළාතේ ප්‍රධාන අධීකරණ සංඝනායකරත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමංඩලයේ සභාපති බෙන්ගමුවේ ධමිම දින්න ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකමි කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පසුගියදා මෙම රැස්විම පැවැත්විණි.
flag1

Leave a Reply