November 19, 2017

අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම සංවත්සර උළෙල අද

By admin - Tue Sep 17, 8:44 am

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 149 වැනි ජන්ම සංවත්සර ජාතික උත්සවය අද (17දා) කොළඹ 10, ශ්‍රී ලංකා මහාබෝධි සංගම් මූලස්‌ථානයේදී පැවැත්විණි.

ඉන්දීය මහකොමසාරිස්‌ වයි.කේ. සිංහා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්‌ථාවට මැති ඇමැතිවරුන් විශාල පිරිසක්‌ සහභාගි වූ අතර උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබූයේ ඉන්දීය මහ කොමසාරිස්‌වරයා විසිනි.

අද (17දා) කොළඹ 07, විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට ඇති අනගාරික ධර්මපාල පිළිරුව අසලදී එම පිළිරුවට මල්දමක් පැළදවීම ශ්‍රී ලංකා අමද්‍ය මහා සභාවේ ජාතික සංවිධායක ඩබ්ලිව්. චන්ද්‍රරත්න මහතා විසින් සිදු කෙරිණි.

එමෙන්ම කොළඹ, මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයීය අනගාරික ධර්මපාල කෞතුකාගාරය අසලදී ද තවත් දම්පල් ගුණානුස්‌මරණ වැඩසටහනක්‌ පැවැත්විණි.

ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ සභාපති ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට නවගමුව සුගතබිම්බාරාමාධිපති සියම් මහානිකායේ කැලණි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් ද අමද්‍යප සභාවේ නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.

මාතර බෝධි ආරක්‌ෂක සභාව මඟින්ද තවත් අනගාරික ධර්මපාල සමරු උළෙලක්‌ ඓතිහාසික මාතර බෝධිය අභියසදී පැවැත්විණි. බෝධිය අභියස ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර පිදීමෙන් පසුව බෝධි පරිශ්‍රයේ ඇති ධර්මශාලා මන්දිරයේදී ගුණසමරු උළෙලක් ද පැවැත්විණි.
anagarikad_200_133

Leave a Reply