November 19, 2017

චීනයේ බීජිං නුවර තැම්පත් කර ඇති ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම – කිරීමට අවස්ථාව සලසන්න -අගමැති

By admin - Mon Aug 19, 7:22 am

චීනයේ බීජිං නුවර තැම්පත් කර ඇති ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කොට මෙරට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා, බීජිං දළදා විහාරයේ විහාරාධිපති, චීන බෞද්ධ සංගමයේ උප ලේකම් පූජ්‍ය පූජ්‍ය ෂී චෑන්ග් සන්ග් ( Ven.Shi chang Zang ) හිමිපාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේය.

මේ සඳහා චීනයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

සිව් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට වැඩම කළ චීන බීජිං දළදා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ෂී චෑන්ග් සන්ග් හිමිපාණන් වහන්සේ ඇතුලු චීන භික්ෂූන් වහන්සේ හත් නමකගෙන් සමන්විත දූත පිරිස ඊයේ (18) පස්වරුවේ ගම්පොළ, දොළුව පිහිටි අග්‍රාමාත්‍ය නිවසේදී අග්‍රාමත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා හමුවූහ.

සියම් මහ නිකායේ සංවත්සර උත්සවයට සහභාගිවීම ඇතුලු මෙරට සංචාරයක් සඳහා වැඩම උන්වහන්සේලා අග්‍රාමාත්‍යතුමා හමුවී ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවන කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත වූහ.

චීනයේ බීජිං නුවර ශ්‍රී දළදා විහාරයේ තැම්පත් කර තිබෙන දළදා වහන්සේ විවිධ අවස්ථාවලදී ප්‍රදර්ශනය සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය මත ලබා දෙන බවත් ශ්‍රී ලංකාවේ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරියේදී දළදා වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවසර ලබා දෙන බවද උන්වහන්සේ කීහ.

චිනයේ මාඕ සේතුං මැතිතුමාගේ චරිතය බෙහෙවින් ම අගය කරන පුද්ගලයෙකු වශයෙන් අග්‍රාමාත්‍යතුමාගේ චරිතය චීනයේ බෙහෙවින් ජනප්‍රිය වී ඇතැයි කී උන්වහන්සේ ඒ නිසාම අග්‍රාමාත්‍යතුමාගේ වත්මන් වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන බව කීහ. ඒ යටතේ මෙරට ආගමික සිද්ධස්ථාන සංවර්ධනය උදෙසා චීනයේ නොමසුරු දායකත්වය සහ අනුග්‍රහය ලබා දෙන බවද ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා එහිදී අදහස් දක්වමින් චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබදතාව දශක ගණනාවක් තිස්සේ පැවත එන බවත් ඒ සබඳතාවය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට අපේක්ෂා කරන බවත් කීහ.
China 01

 

Leave a Reply