November 22, 2017

අපවත්වී වදාළ පූජ්‍යපාද හිඳගල ඉන්ද්‍රසාර හිමියන්ගේ දේහයට අග්‍රාමාත්‍යතුමා අවසන් ගෞරව දක්වයි

By admin - Tue Sep 24, 3:37 am

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුවිජ්ජක, උඩුනුවර හන්දෙස්ස, හියවල පුරාණ විහාරාධිපති අපවත්වී වදාළ පූජ්‍ය හිඳගල ඉන්ද්‍රසාර (93) හිමිපාණන් වහන්සේගේ දේහයට අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා (24) අවසන් ගෞරව දැක්වීය.

උඩුනුවර, තෙළඹුගල නිග්‍රෝධකෙත්ථ මහ පිරිවන ඇතුළු අධ්‍යාපන ආයතන කිහිපයක ආචාර්ය පදවි හොබවා ඇති උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය 26 බ්‍රහස්පතින්දා ප.ව. 02.00ට හියවල පුරාණ විහාරස්ථ මළුවේදී සිදු කෙරේ.

හියවල පුරාණ විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය වෙලංගහවත්තේ පඤ්ඤාසාර හිමියන් සහ පූජ්‍ය හේවාවිස්සේ පියනන්ද හිමිපාණන් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.111

Leave a Reply