November 22, 2017

අපවත් වී වදාළ ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

By admin - Wed Oct 02, 11:43 am

අපවත් වී වදාළ කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, උපාධ්‍යාය, මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ග්‍රන්ථ විශාරද පූජ්‍ය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපතිතුමා අවසන් ගෞරව දැක්වීය.

අද (02) අලුයම දිවයිනට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරය වෙත ගොස් උන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීය.

මේ අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, උදිත ලොකුබණ්ඩාර, දයාසිරි ජයසේකර, අනුරාධ ජයරත්න, සනත් නිශාන්ත යන මහත්වරු එක්ව සිටියහ.
23593672main-L (2)

Leave a Reply