November 19, 2017

පූජ්‍ය වල්පොළ පියනන්ද නායක ස්වාමීන් වහන්සේට ජනපතිගෙන් උපහාර

By admin - Thu Oct 03, 10:49 am

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක, අග්ගමහා පණ්ඩිත ගෞරවාර්හ වල්පොළ පියනන්ද නායක ස්වාමීන් වහන්සේ මියන්මාර් රාජ්‍යයෙන් පිරිනමන ලද අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලැබීම හා උන් වහන්සේගේ 70 වන ඡන්ද දින සැමරුම නිමිත්තෙන් ඊයේ (02) පස්වරුවේ පාමංකඩ ශ්‍රී මහා විහාරයේ පැවති “පියනන්දාභිනන්දන උපහාර පුණ්‍යෝත්සවයට” ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එක් විය.

උන්වහන්සේට උපහාර පුද කරමින් තිළිණයක් පිළිගැන්වීමට ද ජනපති කටයුතු කළේය. උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන් වූහ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය පුණ්‍යෝත්සවයට වැඩම කර සිටියහ. මැති ඇමතිවරුන් හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු හා දෙස් විදෙස් තානාපතිවරු, ප්‍රදේශවාසීහු මේ අවස්ථාවට එක්ව සිටියහ
piyannada-himi-1

Leave a Reply