November 19, 2017

පැපිලියානසුනේත‍්‍රාදේවි පිරිවෙනේ සත්මහල් සංඝාවාසය ජනපති සුරතින් සඟ සතුවෙයි

By admin - Fri Oct 11, 6:57 am

පැපිලියාන සුනේත‍්‍රා මහා දේවි පිරිවෙන් රාජ මහා විහාරයේ අභිනව සත් මහල් භික්ෂු නේවාසිකාගාරය පසුගියදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සඝ සතු කොට පූජා කෙරිනි.

විහාරස්ථානයේ වැඩවාසය කරන භික්ෂුන් වහන්සේලා සහ පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට නේවාසික පහසුකම් සළසමින් මෙම සත්මහල් භික්ෂු නේවාසිකාගාරය ඉදිකර ඇත.

රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් ශී‍්‍ර ලංකා යුධ හමුදාව විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති අතර දින 100 ක් වැනි කෙටි කාලයක් තුළ මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදු කර තිබීම විශේෂත්වයකි.

ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප‍්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අතර විහාරාධිපති ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සේ බැහැ දැක සුවදුක් විමසා පිරිකර පූජා කළේය. උන්වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා උන්වහන්සේට නිදුක් නිරෝගි සුව ප‍්‍රාර්ථනා කරමින් සුභ පැතුම් පළ කළේය. සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

ප‍්‍රවීන කලාකරුවන් විසින් ඉදිරිපත් කළ නූර්ති ගී ප‍්‍රසංගයක් ද අද විහාරස්ථානයේ පැවැත්වුණු අතර එම අවස්ථාවටද ජනාධිපතිතුමා සහභාගී විය.

පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින් වහන්සේ විසින් රචනා කරන ලද ,අමා ග`ගුල නිවන් ම`ග, කෘතියේ පළමු පිටපතද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විනි.

සංජීවිකා සමරතුංග මහත්මියගේ ,බුදුන් දුටු යුවතියෝ, කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.
kkkkk

Leave a Reply