November 22, 2017

රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ 10 වෙනි දිනය වන අද (16)

By admin - Fri Aug 16, 6:27 am

රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ 10 වෙනි දිනය වන අද (16) කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන දේව පෙරහැර ගණ දේවාලය, කිරිවෙහෙර ඉදිරිපසින් අෂ්ටඵල බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණා කර මහා වාසල් දොරටුවෙන් පිටවීදියට පිවිසේ.

එම වීදියේ භද්‍රකාලී අම්මාන් දේවාලය, මුස්ලිම් දේවස්ථානය ඉදිරියෙන් ගමන් කරන පෙරහැර වල්ලි අම්මා දේවාලයට පැමිණෙයි.

එම දේවාලයේදී පෞරාණික චාරිත්‍රවාරිත්‍ර පුද සිරිත් ඉටු කිරීම සිදු වේ. ඉන් පසු මහ වීදියේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරියෙන් ගමන් කරන පෙරහැර මහා දේවාලයට ගෙවදීම සිදු කරයි.

Perahera_01_03

 

 

 

Leave a Reply