November 19, 2017

ජනාධිපති තුමා සිත්තම් ගල්ලෙන රජමහා විහාරයේ ආගමික වතාවත්වල

By admin - Fri Oct 18, 8:38 am

President visits Siththamgallena Viharaya
හම්බන්තොට ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජ මහාවිහාරයේ 46 වැනි වරට පවත්වනු ලබන ඇසළ මහා පූජෝත්සවය මෙවර අති උත්කර්ෂවත්ව පැවැත්වෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (18) පස්වරුවේ එහි ගොස් ආගමික වතාවත්වල නිරත විය.

රුහුණු පුරවරයේ ඓතිහාසික ආගමික සිද්ධස්ථානයක් වන සිත්තම් ගල්ලෙන රාජමහා විහාරය හම්බන්තොට, වලස්මුල්ලේ වරාපිටිය රම්මලේ කඳුවැටිය පාමුල පිහිටා ඇත. කි‍්‍ර.පූ. 1 වන සියවසේ වළගම්බා නිරිඳුන් විසින් කරවන ලදැයි පැවසෙන, මනහර සිතුවම්වලින් සමන්විත මෙම වෙහෙර සිත්තම්ගල වෙහෙර නමින් හඳුන්වා ඇති අතර පැරැණි ලියකියවිලිවල “සිතියන් ගල්ලෙන්“ නමින් ද හඳුන්වා ඇත.

සිත්තම් ගල්ලෙන විහාරය ඓතිහාසික මෙන්ම දේව බලයද සහිත පූජනීය ස්ථානයක් ලෙස සලකන අතර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ අණසක පවතින ස්ථානයක් ලෙස බැතිමතුන් අතර වන්දනාමානයට පාත්‍ර වේ.

සිත්තම් ගල්ලෙන විහාරයේ දී ජනාධිපතිතුමා ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක, විහාරාධිපති අගලකඩ පියසිරි නාහිමියන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත විය. විහාරස්ථානය වෙත පැමිණ සිටි බැතිමතුන් සමඟින් ජනාධිපතිතුමා සුහද කතාබහක යෙදුණි.

ඓතිහාසික විහාරස්ථානයේ බස්නායක නිලමේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.

Leave a Reply