January 22, 2018

ජනපති දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

By admin - Tue Oct 29, 10:47 am

dalada new
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (29) පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී දළදා වහන්සේ තේවා කටයුතු භාරව වැඩසිටින මල්වතු විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමිපාණන් වහන්සේ එහිදී වතාවත් සිදුකොට ජනාධිපතිතුමන් වෙත ආශිර්වාද පළ කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සජින් වාස් ගුණවර්ධන,ලොහාන් රත්වත්තේ, මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ, ලුතිනන් යෝෂිත රාජපක්ෂ යන මහත්වරු එක්ව සිටියහ.

Leave a Reply